වසර 20කට අධික කාලයක සිට නොකඩවා, සියළු සිද්ධාන්ත කොටස් අංග සම්පූර්ණ ලෙස ආවරණය කරමින් Tutes වල ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් සිසුන් උදෙසා වැඩිම කැපවීමක් සිදු කරන පාඨමාලාව
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරී, උසස් ප්‍රතිඵල ගෙන ඒමේ පළපුරුද්දක් සහිත, ජාතික පාසලක සේවය කර ඉගැනුම් ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත ගුරුවරයෙකු මෙහෙයවන, සෑම වසරකම විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ගේ ප්‍රමුඛ තේරීම වූ එකම පාඨමාලාව
දිනෙන් දින සිසුන් වැඩි වෙන සෑම වසරකම වැඩිම A සාමාර්ථ සමග දිස්ත්‍රික් ප්‍රමුඛයන් ඇතුළුව වැඩිම පිරිසක් වෛද්‍ය/ ඉංජිනේරු පීඨයන්ට යොමුකළ භෞතික විද්‍යා පාඨමාලාව
වෛද්‍ය සහ ඉංජිනේරු පීඨයන්ට ඉහලම ප්‍රතිඵල ලබා තේරී පත්වූ දරුවන් වැඩි පිරිසකට භෞතික විද්‍යා දැනුම සැපයූ අංග සම්පූර්ණ පාඨමාලාව මෙවර සාමාන්‍ය පෙළ සිසුන් (2027 අ.පො.ස උසස් පෙළ) සඳහාද ආරම්භ කරනු ලබයි.
තොරතුරු දැන ගැනීමට, ලියාපදිංචි වන්න
To Register, Click Here!සිසුන්ගේ මෙන්ම දෙමවුපියන්ගේද විශ්වාසය තහවුරු කරමින් වසර ගණනාවක සිටම පලමු දින සිටම පංති ශාලාව පිරී ඉතිරී යන එකම භෞතික විද්‍යා පංතිය 2025A/L සහ 2026A/L සිසුන්ගෙන්ද පිරී ඉතිරී ගිය අයුරු ඡායාරූප කිහිපයකින්...
භෞතික විද්‍යාව යනු දිනෙන් දින යාවත්කාලීන වන රසවත් මෙන්ම ඉතාමත් ප්‍රායෝගික විෂයකි. එම විශය සිසුන්ට රසවත් ලෙස, මතක තබා ගැනීමට පහසු ලෙස, තේරුම් ගෙන අවබෝධ කරගැනීමට පහසු ලෙස ඉගැන්වීමට නම් එම විශයෙහි ඉතා ප්‍රවීණයෙකු වීම් අත්‍යවශ්‍ය කරුණකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරී ,පශ්චාත් උපාධිධාරියෙකු සහ ජාතික පාසලක සේවය කර ඉගැනුම් ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත ගුරුවරයෙකු විසින් මෙහයවන සෑම වසරකම විශ්ව විද්‍යාල සඳහා තේරී පත් වන සිසුන්ගේ ප්‍රමුඛ තේරීම වූ එකම භෞතික විද්‍යා පාඨමාලාව ලෙස අපගේ පාඨමාලාව හඳින්විය හැක.
සියළු සිද්ධාන්ත කොටස් අංග සම්පූර්ණ ලෙස ආවරණය කරමින් Tutes වල ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් සිසුන් උදෙසා වැඩිම කැපවීමක් සිදු කරන භෞතික විද්‍යා පාඨමාලාව මෙය වේ.
දිනෙන් දින අපගේ ඉගැනුම් ක්‍රියාවලිය සහ එහි ප්‍රායෝගික බව තේරුම් ගන්නා සිසුන් නොකඩවා අප සමග එකතු වේ.
භෞතික විද්‍යාව යනු විෂය කරුණු මෙන්ම ප්‍රයෝගික පරීක්ෂණද සුසන්යෝගයෙන් ඉගැනිය යුතු විෂයකි. මෙම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා නිවැරදි උපදේශනයක් සමගින් නිවැරදි අධීක්ෂණයකින් යුතුව සිසුන් විසින්ම මෙම ප්‍රයෝගික පරීක්ෂණ සිඳුකර එම දැනුම ලබා ගැනීම අනිවාර්යය වේ.
අපගේ පාඨමාලාව සමඟ එකතු වන සිසුන් හට තනි තනිව විෂය නිර්දේශයෙහි අඩංගු සියලුම ප්‍රයෝගික පරීක්ෂණ සිඳුකර එම දැනුම ලබාගැනීමට අප අවස්තාව ලබා දී ඇත. දියුණු තාක්ෂණික උපරකණ වලින් යාවත්කාලීන වූ නවතම විද්‍යාගාර තුලදී එම ප්‍රයෝගික පරීක්ෂණ සිඳු කිර්‍රීමට සිසුන්ට අවස්තාව ලැබෙනු ඇත.
අ.පො.ස උසස් පෙළ යනු විෂය කරුණු පමණක් ප්‍රමාණවත් නොවන ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී පලපුරුද්දක්ද තිබිය යුතුම විභාගයකි. තමන් ඉගෙන ගත් විෂය කරුණු, ලබා දෙන කෙටි කාලය තුලදී අවශ්‍ය පරිදි ගොනු කර උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමටනම් විභාගයට පෙර, හැකිතාක් ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දී පලපුරුද්දක් තිබීම අනිවාර්යය වේ.
සෑම සතියකම ප්‍රශ්ණ පත්‍රයක් ලබාදී එම ප්‍රශ්ණ පත්‍රය අපගේ කාර්යය මණ්ඩලය මගින් පරීක්ශා කොට සිසුන් ලබාගත් ලකුණු ප්‍රමාණය සහ සිසුන් වර්තමානය වනවිට සිටින මට්ටම(Rank) සිසුන් විසින් ලබාදී ඇති දුරකතන සහ ඊ මේල් වෙත යැවීමේ(SMS & Email) වැඩ පිලිවෙලක් ඔස්සේ අප විසින් සිසුන්ට උසස් පෙළ විභාගය සඳහා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ඇත.
සිසුන්ගේ දක්ෂතා ඇගයීම ඔස්සේ ඔවුන්ව දිරිමත් කලහැකිබව අප තදින්ම විශ්වාස කරනා කරුණකි.
වසර දෙකක් ඔස්සේ අපගේ පාඨමාලාව සමඟ එකතු වූ සිසුන් උදෙසා පැවත්වූ, අබිමන් 2024 - විදර්ශා ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ගාල්ල විදර්ශා ආයතනයේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි. පද්මික ගොඩකන්ද ගුරුතුමා විසින්, වෛද්‍ය හා ඉංජිනේරු පීඨවලට ප්‍රවේශය ලැබූ සිසුන්ගේ ජයග්‍රහණවලට හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමත්, සිසුන්ගේ ඉදිරි වැඩකටයුතුවලට සුබ ප්‍රාර්ථනා කිරීමත් අරමුණුකොටගෙන මෙය සංවිධානය කර තිබුණි.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයෙහි ආරාධිත අමුත්තන් ලෙස
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍ය
අජිත් නාගහවත්ත මැතිතුමන්
ශ්‍රී ජයවර්ධනපුර විශව විද්‍යාලයේ තාක්ෂණික පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය,
ආචාර්‍ය රොහාන් දසනායක මැතිතුමන්
ශ්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,
ඉංජිනේරු සිතිජා උදානි මැතිණිය
පද්මික ගුරුපියාණන්ගෙන් සිප් සතර ඉගෙන ගත්, කරාපිටිය ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ
වෛද්‍ය දසුන් ප්‍රභාෂ්වර මැතිතුමන්
පද්මික ගුරුපියාණන්ගෙන් ආදි ශිෂ්‍යාවක් වන, බලපිටිය මූලික රෝහලේ
වෛද්‍ය හසිතා ලියනාරච්චි මැතිණිය
සහභාගී විය.
අපගේ පාඨමාලාව අවසන් කර විභාගය ජයගත් දූ දරුවන් තැබූ සටහන් කිහිපයක්.
+94 71 5657788
Vidarsha Institute
Copyright ©Vidarsha IT Section